― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsෂකීබ් අල් හසන් බංග්ලාදේශ මහ මැතිවරණයට

ෂකීබ් අල් හසන් බංග්ලාදේශ මහ මැතිවරණයට

බංග්ලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන්ගේ පාර්ලිමේන්තු මැතිවරණ ගමන තහවුරු කිරීමට එරට පාලක පක්ෂය වන අවාමි ලීගය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ෂකීබ් අල් හසන් ලබන ජනවාරි මස 07 වැනිදා පැවැත්වෙන බංග්ලාදේශයේ 12 වන මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු උපන් දිස්ත්‍රික්කය වන මගුරා-1 මැතිවරණ කොට්ඨාශයෙන් මැතිවරණයට සඳහා තරග කරන බවයි.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන මෂ්රෆි මෝර්ටසා ද මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අතර ඔහුද මෙවර මැතිවරණය සඳහා තරග කරන බවයි වාර්තා වන්නේ.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව සහ දේශපාලනය අතර සබඳතාව ඝන වෙමින් පවතින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ෂකීබ් අල් හසන් සහ මෂ්රෆි මෝර්ටසා හැරුණු විට බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නස්මුල් හසන් ද 2009 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනු ලබනවා.

ඔහු නැවත වරක් ඔහුගේ කිෂෝරගන්ජ් ආසනයෙන් නාමයෝජනා ලබාගේ ඇති බවයි වාර්තා වන්නේ.