27.2 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News2024 සිට පාසල් දැරියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා

2024 සිට පාසල් දැරියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා

මෙරට වෙසෙන වයස අවුරුදු 12ත් 18ත් අතර සිටින සියලුම ගැහැණු දරුවන්ට සනීපාරක්ෂක තුවා ලබාදිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් මුදල් වෙන්කරදීම සම්බන්ධයෙන් ඉදිරියේදී රජය විසින් සාකච්ඡා සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළේ.

මෙම වැඩපිළිවෙල අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදුවිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරිය යෝජනා කර සිටියේ.

මීට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ ග්‍රාමීය ප්‍රදේශවලට ප්‍රමුඛතාවක් ලබාදෙමින් ලබන වසරේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව පාසල් දැරියන් ලක්ෂ 03කින් ආරම්භ කර ඉදිරියේදී එම සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිකරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.