― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඊශ්‍රායල - හමාස් සටන් විරාමය දීර්ඝ කෙරේ

ඊශ්‍රායල – හමාස් සටන් විරාමය දීර්ඝ කෙරේ

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඊයෙන් අවසන් වීමට නියමිතව තිබූ සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වයම තීරණය කර තිබෙනවා.

කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ඇතිකරගත් දින 04ක සටන් විරාමය ඊයේ (27) රාත්‍රියේ අවසන් වීමට නියමිතව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම ඊශ්‍රායලය පවසා ඇත්තේ හමාස් සංවිධානය නිදහස් කරන සෑම ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙක් සඳහාම සටන් විරාමය එක් දිනකින් දීර්ඝ කිරීමේ කොන්දේසිය ක්‍රියාත්මක කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

සටන් විරාමය දින දෙකකින් දීර්ඝ කිරීමත් සමඟ අවම වශයෙන් ගාසා තීරයේ රඳවා සිටින තවත් ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 20 දෙනෙකු සහ ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටින පලස්තීන රැඳවියන් 60 දෙනෙකු නිදහස ලබදීමට බලාපොරොත්තුව වන බවයි වාර්තා වන්නේ.

පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක සටන් විරාමය අතරතුර හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල සහ ඊශ්‍රායල නොවන අය ඇතුළුව ප්‍රාණ ඇපකරුවන් 69 දෙනෙකු නිදහස් කර තිබෙනවා.