32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගාසා තීරයේ අතරමංව සිටි ශ්‍රී ලාංකික පවුලක් නිරුපද්‍රිතව මෙරටට

ගාසා තීරයේ අතරමංව සිටි ශ්‍රී ලාංකික පවුලක් නිරුපද්‍රිතව මෙරටට

ගාසා තීරයේ අතරමංව සිටි සිව් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික පවුලක් නිරුපද්‍රිතව ශ්‍රී ලංකාවට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මොවුන් 24 වැනිදා මෙරටට පැමිණ තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය විසින් එම පවුල ආපසු ගෙන්වා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.

ඔවුන් කොළඹට ළඟා වූ අවස්ථාවේදී, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ආපසු පැමිණි ශ්‍රී ලාංකිකයන් බාර ගැනීම කටයුතු කළා.

ඊජිප්තු බලධාරීන් සමග සම්බන්ධීකරණ කටයුතු සිදු කරන කයිරෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ඊජිප්තුව සහ ගාසා තීරය අතර රෆා දේශසීමාව වෙත ගොස් අතරමං වූ ශ්‍රී ලාංකිකයන් බාර ගැනීමට කටයුතු කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) සහාය ඇතිව ආපසු පැමිණෙන පුද්ගලයන් සඳහා සැපයුම් සහ ගුවන් ප්‍රවාහන කටයුතු සඳහා පහසුකම් සැපයීමට කටයුතු කළ බවයි සඳහන් වන්නේ.