23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතම දියණිය අඹුකමට ගත් පියා නොඑන ගමන් යයි

තම දියණිය අඹුකමට ගත් පියා නොඑන ගමන් යයි

අම්පාර, කුමන ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ වයස අවුරුදු 36ක අම්පාර දමන පොලිස් වසමට අයත් කුමන පන්නල්ගම පදිංචිකරුවෙකි. ඔහුගේ බිරිඳ මීට මාස 06කට පෙර ගෘහ සේවිකාවක ලෙස රැකියාවක් සඳහා විදෙස් ගත වී ඇත.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු සිය 16 හැවිරිදි දියණිය සමඟ බලහත්කාරයෙන් ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි. ඒ පිළිබඳව හෙළිවීමෙන් පසු සියදිවි නසාගන්නට ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ.

තම බිරිඳ විදේශගත වූවාට පසුව ඔහු සිය දියණිය සමඟ බලහත්කාරයෙන් ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳව කිසිවෙකුටත් නොපවසන ලෙස දැරිය බියවද්දා තිබෙනවා.

මේ පිළිබඳව දමන පොලීසියේ නිලධාරියෙකුට තොරතුරු ලැබී ඇති අතර ඒ ගැන සොයා බැලීමට අදාළ නිලධාරියා තවත් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුද සමඟ එහි ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී සැකකරු සිය නිවසේ මුළුතැන්ගෙය ආසන්නයේදී වෙඩි තබාගෙන සියදිවි නසා ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.