24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේශපාලනයේදී කුළල් කා නොගෙන ඉදිරියට යා යුතුයි

දේශපාලනයේදී කුළල් කා නොගෙන ඉදිරියට යා යුතුයි

අප දේශපාලනය කරනවා නම් කුළල් කා නොගෙන ඉදිරියට යා යුතු බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ ලලිත්, ගාමිණී, ප්‍රේමදාස රණ්ඩුව සමයේ එම තුන් දෙනාම ජීවිතවලින් වන්දි ගෙවා අවසන් වන බව ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන තමා සමඟ ඒ කාලේ පවසා තිබුණු බවයි.

එමෙන්ම ලලිත් ඇතුළත්මුදලි මැරූ විට ඒ කාලේ ප්‍රේමදාසට ඇඟිල්ල දිගු කළ බවත් ප්‍රේමදාස මෙන්ම ගාමිණී දිසානායක මැරුණාම ඇඟිල්ල දිගු කිරීමට කවුරුවත් නොසිටි බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අපි කුළල් කා ගත්තොත් වාසිය ලැබෙන්නේ අපට නොව මුහුදෙන් පිට ඉන්න වෙනත් කණ්ඩායම්වලට බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.