28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිග් බෑෂ්හි දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට

බිග් බෑෂ්හි දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට

මෙවර ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

මෙවර තරගාවලියේදී සිඩ්නි තන්ඩර් කණ්ඩායමට ක්‍රීඩා කරන චමරි තරග 13කට ක්‍රීඩා කර ලකුණු 511ක් ලබා ගනිමින් මේ වන විට දෙවැනි වැඩිම ලකුණු ලාභිනිය බවට පත්ව තිබෙනවා.

මීට අමතරව ඇය කඩුලු 9ක් බිඳ දමන්නටද සමත් වී තිබෙනවා.

කාන්තා බිග් බෑෂ් ඨ්20 ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය අද (28) පැවැත්වීමට නියමිත අතර එහිදි චමරී ක්‍රීඩා කරන සිඩ්නි තන්ඩර් කණ්ඩායම සහ බ්‍රිස්බෙන් හිට්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි.