24.5 C
Colombo
Thursday, November 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්පැන් සමාගම් දෙකක නිෂ්පාදන කටයුතු අත්හිටුවයි

මත්පැන් සමාගම් දෙකක නිෂ්පාදන කටයුතු අත්හිටුවයි

මෙන්ඩිස් සහ රන්දෙණිගල මත්පැන් නිෂ්පාදනාගාරවල මත්පැන් නිෂ්පාදන කටයුතු අද (28) සිට වහාම නතර කරන ලෙසට සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

මීට මසකට පෙර මෙම සමාගම්වල මත්පැන් නිෂ්පාදන කටයුතු නතර කිරීමට ද සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබුවා.

ඉන්පසු මුදල් අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවක දී තීරණය වූයේ දෙසැම්බර් 29 වැනිදා වනවිට හිඟ සුරාබදු මුදල් වාරික තුනකින් ගෙවා නිම කිරීමටයි.

කෙසේ වෙතත් එම එකඟතා කඩකර හිඟ සුරාබදු මුදල් නොගෙවීම හේතුවෙන් අද (28) දින සිට යළි ඒවායේ නිෂ්පාදන කටයුතු නතර කරන ලෙස දැනුම් දුන් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම සමාගම් දෙකෙන් මෙන්ඩිස් සමාගම පමණක් මිලියන 213ක සුරාබදු ලෙස වීමට තිබෙනවා. එහෙත් එම සමාගම මේ දක්වා ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ අටක් පමණයි.