25.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමහ බැංකුවෙන් නැති වූ මුදල් බණ්ඩලය ගැන පරීක්ෂණ

මහ බැංකුවෙන් නැති වූ මුදල් බණ්ඩලය ගැන පරීක්ෂණ

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබූ ලක්ෂ පනහේ මුදල් බණ්ඩලයක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද (28) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙම පරීක්ෂණවලින් එක පරීක්ෂණයක් සහකාර අධිපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අභ්‍යන්තර පරීක්ෂණයක් බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද පරීක්ෂණයක් සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

මේ අතර විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස මහ බැංකු අධිපතිවරයා පොලිස්පතිට දැනුම්දී ඇති බව ද ෂෙහාන් සේමසිංහ අමාත්‍යවරයා සඳහන් කර සිටියා.