― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsමාර්ග සංවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක්

මාර්ග සංවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක්

ඒකාබද්ධ මාර්ග යෝජනා වැඩසටහන අවසන් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් අරමුදල් සපයා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා පවත්වා ඇති අතර ඒ අනුව අදාළ ව්‍යාපෘතිය යටතේ කඩිනමින් අවසන් කළ යුතු කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 60ක ණය මුදලක් සැපයීමට එම බැංකුව එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව අදාළ ණය ගිවිසුමට එළඹීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.