― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsමීගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට

මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට

මීගමුව පොලිසිය විසින් රාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු මීගමුව බන්ධනාගාරය තුළදී සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වනවා.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ රාගල පොලිස් වසමේ ගෝවින්දස්වාමි ක්‍රිෂ්ණකුමාර් නමැති 40 හැවිරිදි දෙදරු පියෙකි.

මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ රෝහලේ තබා ඇති බව ඔහුගේ බිරිඳ තහවුරු කර ඇති අතර තම සැමියාගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි ඇය සඳහන් කර ඇත්තේ.

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා වසර 8ක පමණ කාලයක සිට රාගල ප්‍රදේශයේ හාඩ්වෙයාර් එකක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 6ක පමණ භාණ්ඩ මිලදී ගෙන තිබෙනවා.

ඔහු ලබාගත් ණය මුදල ගෙවීමට නොහැකි වීම හේතුවෙන් මෙම ව්‍යාපාරිකයා විසින් මියගිය පුද්ගලයාට එරෙහිව මීගමුව අධිකරණයේ නඩුවක්ද පවරා ඇත.

ඒ අනුව ඔහු වෙළෙන්දාට ගෙවිය යුතු ණය මුදල වාරික වශයෙන් ගෙවා ඇත. කෙසේ වෙතත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේදී විත්තිකරු අධිකරණය හමුවේ දෙවරක් පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණා.

එම අධිකරණ නියෝගයට අනුව මීගමුව පොලිසිය පසුගිය 23 වැනිදා රාගල නගරයට පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන රාගල පොලිසියට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී රාගල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වා ඔහු වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ඉන් අනතුරුව බන්ධනාගාර බලධාරීන් එම පුද්ගලයා බදුල්ල බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයාගේ පවුලේ පිරිස ඔහුට අවශ්‍ය දේවල්ද රැගෙන ඔහු බැලීම සඳහා බදුල්ල බන්ධනාගාරයට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී මෙම පුද්ගලයා තම බිරිඳට පවසා ඇත්තේ එළඹෙන බදාදා මීගමුව අධිකරණයේදී තමාට ඇප ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ඉන්පසු මෙම පුද්ගලයා බදුල්ල බන්ධනාගාරයෙන් මීගමුව බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබෙනවා.

මෙම තත්ත්වය තුළ 26 වැනිදා රාත්‍රියේ රාගල පොලිසියේ නිලධාරීන් දෙදෙනකු ක්‍රිෂ්ණකුමාර්ගේ නිවසට පැමිණ වාර්තා කර තිබුණේ ක්‍රිෂ්ණකුමාර් මීගමුව බන්ධනාගාරයේදී ගෙල වැළලාගෙන සියදිවි නසාගත් බවත් මෘත ශරීරය මීගමුව රෝහලේ තබා ඇති බවත්ය.

අනතුරුව ක්‍රිෂ්ණකුමාර්ගේ බිරිඳ සහ සොහොයුරන් දෙදෙනා ඊයේ (27) පෙරවරුවේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා රෝහලේ තබා තිබූ ක්‍රිෂ්ණකුමාර්ගේ දේහය බැලීමට ගොස් තිබෙනවා.

එහිදී ක්‍රිෂ්ණකුමාර්ගේ බිරිඳ පවසා ඇත්තේ තම සැමියාගේ මරණය පිළිබඳව සැකයක් පවතින බවයි.

ඒ අනුව කඩිනමින් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන්ට භාරදෙන ලෙස විනිසුරුවරයා පොලිසියට නියෝග කර තිබෙනවා.