― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsරට තියෙන්නේ අනාගතය ගැන නොහිතන නායකයෙකුගේ අතේ

රට තියෙන්නේ අනාගතය ගැන නොහිතන නායකයෙකුගේ අතේ

අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන, නොහිතන නායකයෙකු අත බවත් රනිල් වික්‍රමසිංහ මින්පසු ජනාධිපතිවරණයකට කිසිසේත්ම නොඑන බව තමා හූණා කිව්වා සේ පවසන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එමෙන්ම ජනාදිපතිවරයා ජාත්‍යන්තර සංවිධානයක තනතුරක් ලබාගෙන ඉදිරි කාලය වැජඹීමට බලාවි යැයි පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරණ අපේක්ෂකයෝ දැන් ගොඩක් සිටින බවත් පඳුරකට ගැහුවොත් හැටක් විතර විසිවෙන බවත්ය.

ජනාධිපති පුටුවට ගිය පසු රනිල්ගේ සියලු කටයුතු අවසන් වන හෙයින් එතනින් එහාට මේ රටේ අනාගතය ගැන ඔහුට වගකීමක් නොමැති බවයි මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේ.