― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsලබන වසරේ කෝපි වගාවට වැඩි ඉඩක්

ලබන වසරේ කෝපි වගාවට වැඩි ඉඩක්

2024 වසර ඇතුළත හෙක්ටයාර් 400ක කෝපි වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර තිබේ.

දැනට කෝපි වගාව ප්‍රධාන වැවිලි භෝගයක් ලෙස වගා නොකළත් මෙරට කෝපි සම්බන්ධව විදේශ වෙළෙඳපොළේ ඇති ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් කෝපි වගාව නැවතත් වැවිලි බෝගයක් ලෙස ප්‍රචලිත කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටින්න්නේ.

මේ සඳහා අයවැය ලේඛනයෙන් රුපියල් මිලියන 400ක මුදලක් වෙන් කර තිබෙනවා.

මේ අනුව කෝපි වගාව සඳහා හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂ 10ක් ලබා දෙන අතර එම මුදලෙන් 50%ක් නැවත අයකර නොගන්නා බවයි අමාත්‍යාංශය පවසන්නේ.

අප රට තුළ Coffee Arabica (අරාබිකා කෝපි), Coffee Canephora (රොබස්ටා කෝපි), Libarica (ලයිබරිකා කෝපි) යන විශේෂ වවනු ලබන අතර අරාබිකා කෝපි විදෙස් රටවල ඉතාමත් ජනප්‍රියම කෝපි විශේෂයකි.