29 C
Colombo
Sunday, October 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෛද්‍ය මධ්‍යස්ථානයකදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වෛද්‍ය මධ්‍යස්ථානයකදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේදී වෛද්‍ය මධ්‍යස්ථානය රැඳී සිටි පුද්ගලයෙක් ලේ ගලන තුවාල සහිතව එම වෛද්‍ය මධ්‍යස්ථානය තුළ මියගොස් සිටිය දී ඊයේ (27) සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිට්ටඹුව, පින්නගොල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බවයි.

මෙම පුද්ගලයා අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයේ රැකියාව සිදුකර ඇති අතර ඔහු රාත්‍රී කාලයේ එම ස්ථානයේ රැඳී සිටින බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ දේපළ සොරකම් කිරීමට පැමිණි පිරිසක් එහි තිබූ සී.සී.ටී.වී කැමරාවල දත්ත පද්ධතිය සහ රුපියල් 7000ක මුදලක් සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සැක පළ කරන්නේ එලෙස පැමිණි සොරුන් විසින් මෙම පුද්ගලයා ඝාතනය කරන්නට ඇති බවටයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.