28.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය බෙදූ අයෙක් අත්අඩංගුවට

සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය බෙදූ අයෙක් අත්අඩංගුවට

දිගු කලක සිට පාසල් සිසුන්ට අයිස් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයෙකු පෙරිය නිලාවනී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (27) සවස පෙරිය නිලාවනී පොලිස් වසමට අයත් ප්‍රදේශයේදී එම පුද්ගලයා සැකකටයුතු ලෙස ගමන් කරන බවට ලද තොරතුරක් මත පොලිසිය සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

43 හැවිරිදි සැකකරු පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් දීර්ඝ කාලයක සිට මෙම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ නිරතව සිට ඇති අතර ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.