― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅබුඩාබි පිටියේදී මැතිව්ස්ගෙන් විශිෂ්ඨ දක්ෂතා

අබුඩාබි පිටියේදී මැතිව්ස්ගෙන් විශිෂ්ඨ දක්ෂතා

අබුඩාබි T10 තරගාවලිය ඊයේ (28) අබුඩාබි හිදී ආරම්භ වුණා.

තරගාවලියේ දෙවන තරගයේදීම පන්දුවෙන් විශ්ෂ්ඨ දක්ෂතා දක්වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින්.

සෑම්ප් ආමි කණ්ඩායම එරෙහිව පැවති තරගයේදී මැතිව්ස් මෙම දක්ෂතාව දැක්වීමට සමත් වුණා. නොර්තන් වෝරියස් සහ සෑම්ප් ආමි අතර මෙම තරගය පැවති අතර එහිදී පළමුව පන්දුවට පහර දුන් නොර්තන් වෝරියස් පිළ නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 05ක් දැවී 103ක් රැස් කළා.

අනතුරුව ලකුණු 104ක ඉලක්කයක් හඹා ගිය සෑම්ප් ආමි කණ්ඩායමට නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 08ක් දැවී රැස් කරගත්තේ ලකුණු 98ක් පමණයි.

එහිදී සෑම්ප් ආමි ඉනිමේ අවසන් පන්දුවාරය යැවීමේ වගකීම භාරගත් නොර්තන් වෝරියස් නායක ඇන්ජලෝ මැතිව්ස් කඩුලු ත්‍රිත්වයක් එම පන්දුවාරය තුළ දවාගත්තා.

මෙහිදී කයිස් අහමඩ්, බැසිල් හමීඩ් සහ මොයින් අලී යන පිතිකරුවන් මැතිව්ස්ගේ කඩුලු ත්‍රිත්වයේ ගොඳුරු බවට පත් වුණා. මෙම තරගයේ දී පන්දුවාර 02ක් යවා ලකුණු 19කට කඩුලු 03ක් බිඳ දමන්නට ඇන්ජලෝ මැතිව්ස්ට හැකියාව හිමිවුණා.

ඒ අනුව මෙම තරගය ලකුණු 09කින් ජයගන්නට නොර්තන් වෝරියස් කණ්ඩායම හැකියාව ලැබුණා.