28 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදේවගැති ජෙරම් ප්‍රනාන්දු දිවයිනට පැමිණෙයි

දේවගැති ජෙරම් ප්‍රනාන්දු දිවයිනට පැමිණෙයි

දේවගැති ජෙරම් ප්‍රනාන්දු යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වනවා.

ඔහු අද (29) අලුයම 01:32ට දෝහා කටාර් සිට පැමිණි QR 658 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

බුදුන් වහන්සේට මෙන්ම අනෙකුත් ආගම්වලට නිගරු වන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බව කියන සිද්ධියේ පසු දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදෙස්ගතව පසු වුණා.

කෙසේ වෙතත් ඔහු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපොළේ දී ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස දක්වමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය 17 වනදා නියෝගයක් නිකුත් කළා.

ඔහු දිවයිනට පැමිණීමෙන් අනතුරුව පැය 48ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවයි එම අධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණේ.