― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsරොෂාන්ව ඉවත් කිරීම ගැන මහින්ද කට අරියි

රොෂාන්ව ඉවත් කිරීම ගැන මහින්ද කට අරියි

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හරි ද වැරදි ද යන්න තීරණය වන්නේ විවිධ පුද්ගලයන්ගේ සිතුම් පැතුම් අනුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

පුද්ගලයන් අමාත්‍ය ධුරයන්ට පත්කිරීම සහ ඉවත් කිරීම සාමාන්‍ය සිදුවීමක් බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (29) දින අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තා.