― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsලන්දේසීන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ අද යළි මෙරටට

ලන්දේසීන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ අද යළි මෙරටට

වර්ෂ 1756 දී ආක්‍රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් කෞතුක භාණ්ඩ 06ක් අද (29) අලුයම යළිත් නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආවා.

මෙලෙස රැගෙන විත් තිබූ කෞතුක භාණ්ඩ අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ මඟුල් කඩුව, රජතුමාට අයිති රිදී කස්තානය, රජතුමාගේ රන් පිහිය, ලෙව්කේ මහ දිසාවගේ කාලතුවක්කුව සහ මහ තුවක්කු දෙකක් වුණා.

මෙම කෞතුක භාණ්ඩ අද (29) අලුයම 05.05ට ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 554 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම කෞතුක භාණ්ඩ භාරගැනීම සඳහා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය බොනී හෝබාච්, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

මෙම කෞතුක භාණ්ඩ පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිගොනුව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිතුමිය විසින් අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත භාරදුන් අතර පසුව එය අමාත්‍යවරයා විසින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරිය වෙත භාරදීම සිදු කළා.

කෞතුක භාණ්ඩ තොගය දැඩි ආරක්ෂක රැකවල් යටතේ කොළඹ ජාතික කෞතුකාගාරය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබූ අතර මෙම භාණ්ඩ තොගය ශ්‍රී ලංකාවේ පරිසර තත්ත්වයන්ට අනුවර්තනය වන තෙක් වායුසමනය කළ විශේෂ කුටි තුළ රදවා තැබීමට පියවර ගැනීමට නියමිතයි.