― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඅධිකරණවල ඇති සාක්ෂි කූඩු ඉවත් කිරීමට පියවර

අධිකරණවල ඇති සාක්ෂි කූඩු ඉවත් කිරීමට පියවර

අධිකරණවල ඇති සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කිරීමට පියවර ගැනීමට තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අධිකරණ පද්ධතිය සේවාවන් ලබාදිය යුත්තේ විනිසුරුවරුන්ට හෝ නීතිඥයින්ට නොව මහජනතාව සඳහා බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කාඩ්පත් මඟින් සිදුකල හැකි මුදල් ගෙවීමේ (Pos Machin) ක්‍රමය අධිකරණ පද්ධතිය වෙත හදුන්වා දීම සඳහා මහජන බැංකුව සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

අධිකරණ නියෝග අනුව කරනු ලබන ලද දඩ මුදල් සහ අනෙතුත් ගෙවීම් මෙතෙක් සිදු කරන ලද්දේ මුදල්වලින් පමණක් වන අතර එහිදී මහජනතාවට මුහුණදීමට සිදුවූ දුෂ්කරතාවයන් සලකා බලා මුදල් ගෙවීමේ කටයුතු කාඩ්පත් මගින් සිදු කළ හැකි (Pos Machin) ක්‍රමය කොළඹ අධිකරණ කලාපයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

නූතන සමාජයට ගැලපෙන අයුරින් බැංකු ගණුදෙනු කිරීම සම්බන්ධ අණපනත් මේ වන විටත් සංශෝධනය කර අවසන් බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ වර්තමාන සමාජය අන්තරජාලය හරහා ඉතා කාර්යක්ෂම අයුරින් ගණුදෙනු කිරීමට වැඩි කැමැත්තක් දක්වන බැවින් එම කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සපයාදීම ඉතා යෝග්‍ය බවයි.

අධිකරණය යනු බියෙන් හා සැකයෙන් යායුතු තැනක් නොවන බව සඳහන් කළ අමාත්‍යවරයා අධිකරණ කටයුතු සඳහා අධිකරණයන් වෙත ඉදිරිපත් වී සාක්ෂි ලබාදීමට ඉදිරිපත්වන සියලුම පුරවැසියන් වැරදිකරුවන් නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

සාක්ෂිකරුවන් යනු අධිකරණ ක්‍රියාවලිය සඳහා සහාය වන පුරවැසියන් වන අතර කූඩුවක සිට සාක්ෂි ලබාදීමේ කූඩු ක්‍රමය වෙනස් කර සාක්ෂිකරුට ගෞරවනීය ආකාරයෙන් සාක්ෂි ලබාදීමට අවශ්‍ය ක්‍රමයක් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ලබන වසර අවසන් වීමට පෙර එම කටයුතු අවසන් කිරීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.