විදුලි සැර වැදීමෙන් පුස්සැල්ලාව, මායිප්පල ප්රදේශයේදී කුඩා දැරියක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ එළවළු කොටුවක් සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙලෙස විදුලි සැර වදීමෙන් මියගොස් ඇත්තේ, අවුරුදු 02යි මාස 08ක් වයසැති කුඩා දැරියක් සහ 32 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.