― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකුකුළා ළිඳට වැටුණැයි රෝහල්ගත වෙන්නම පහර දීලා

කුකුළා ළිඳට වැටුණැයි රෝහල්ගත වෙන්නම පහර දීලා

පානය කිරීමට ජලය ගන්නා ළිඳ අපිරිසිදු කළා යැයි පුද්ගලයෙකු තවත් අයෙකුට බෝතලයෙන් තුන් වතාවක් ඇන පහර දී තිබෙනවා.

එම පහරකෑමට ලක් වූ පුද්ගලයා තුවාල ලබා අසාධ්‍ය ව කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ සවස අළුත්ගම පොලිස් වසමේ දන්වත්තගොඩ, පැණිබැඳිගොඩ ප්‍රදේශයේ පදිංචි අසල්වාසීන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් මෙම අපරාධය සිදු ව තිබෙනවා.

එක් අයෙකු තවත් අයෙකුට බෝතලයක් කඩා ගෙළ ප්‍රදේශයට, පපු සහ පිට ප්‍රදේශයට තෙවරක් ඇන බරපතළ තුවාල සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

දෙපිරිසම ජලය පානය සඳහා යොදා ගන්නා ළිඳ තුළට ඊයේ උදෑසන කුකුළෙකු වැටී මියගොස් තිබෙනවා. ඉන් පසුව එක් පාර්ශ්වයක් තවත් පාර්ශ්වයකට මෙම කුකුළා ඉවත් කරන ලෙස දන්වා ඇති අතර ඉන් පසුව එම කුකුළා ඉවත් කිරීම අනෙක් පාර්ශ්වය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇති වූ වචන හුවමාරුවක් දුරදිග ගොස් වයස අවුරුදු 29 වියැති පුද්ගලයකු විසින් වයස අවුරුදු 52 වියැති අසල්වැසි පුද්ගලයාට අසල තිබූ බෝතලයක් කඩා පහර දී තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය බරපතළ බවත්, 29 හැවිරිදි තරුණයා සැඟව සිටියදී අලුත්ගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා.

සැකකරු අද (30) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.