26.7 C
Colombo
Friday, August 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර ගැන දැනුම්දීමක්

ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර ගැන දැනුම්දීමක්

ගොඩගැසී ඇති ලක්ෂ 9කට ආසන්න රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් ඉදිරි මාස 6 තුළදී නිකුත් කිරීමට හැකිවනු ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

පසුගිය සඳුදා දිනයේ දී රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර තුනක් තමා වෙත ලැබුණු බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ පැවසුවේ.

ඒ අනුව මෙලෙස ගොඩ ගැසී ඇති රියදුරු බලපත්‍ර මාස 6ක් ඇතුළත ලබා දීමට කටයුතු කරන බවත් මුදල් ලබා ගනිමින් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක්ද ආරම්භ කර තිබෙන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා අවධාරණය කළා.