27.8 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචෙට්ටිකුලමේ අඹු සැමි යුවළක් කපා කොටා ඝාතනය කරලා

චෙට්ටිකුලමේ අඹු සැමි යුවළක් කපා කොටා ඝාතනය කරලා

වව්නියාව, චෙට්ටිකුලම ප්‍රදේශයේදී අඹුසැමියන් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ මෙම සිදුවීම අද (30) චෙට්ටිකුලම ප්‍රදේශයේදී සිදුව ඇති බවයි.

එම යුවළගේ පුත්‍රයා චෙට්ටිකුලම ප්‍රධාන මාර්ගයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර ඔවුන් පදිංචිව සිට ඇත්තේ එහි පිටුපස නවාතැනේය.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ සුපුරුදු පරිදි ඔවුන්ගේ පුත්‍රයා ව්‍යාපාර ස්ථානය වසා දමා අසළ පිහිටි ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

මේ අතර එම අඹුසැමි යුවළ එම වෙළෙඳ මධ්‍යස්ථානයේ පිටුපස මිදුලේ පිහිටි නවාතැනේ නිදා ගැනීමට ගොස් ඇත. මේ අවස්ථාවේ අද උදෑසන වෙළෙඳපොළ විවෘත කිරීමට පැමිණි පුතා තම මව සහ පියා ලේ විලක් මැද වැටී සිටිනු දැක කම්පාවට පත් විය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු චෙට්ටිකුලම පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්‍ෂණ පවත්වා තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ චෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පශුපති වර්ණකුලසිංහම් සහ ඔහුගේ බිරිඳ 68 හැවිරිදි කනකලක්ෂ්මි යන අයයි.

ඔවුන්ගේ සිරුරු අසළ පිහි තුනක් තිබී ඇති නිසා කපා කොටා ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.