30 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබාලවයස්කාර දැරියක් ගැබිණියක් කළ අයෙක් අල්ලයි

බාලවයස්කාර දැරියක් ගැබිණියක් කළ අයෙක් අල්ලයි

අවුරුදු 15 යි මාස 08ක දැරිවියක් සමග පවුල් ජීවිතයක් ගත කරමින් ඇයව මවක් බවට පරිවර්තනය කළ 21 හැවිරිදි තරුණයෙකුව අත්අඩංගුවට ගැනීමට වනාතවිල්ලුව පොලීසිය කටයුතු කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ බාලවයස්කාර දැරිවියක් දරු ප්‍රසූතියක් සිදුකර 8 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටික බව ඉකුත් 29 වැනිදා සවස පුත්තලම මූලික රෝහලේ නිලධාරීන් විසින් පොලිසියට දැනුම්දෙනු ලැබීමත් සමග ඒ ගැන විමර්ශන ඇරඹුණු බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම -ස්මායිල් පුරම් පදිංචි තරුණයෙකුයි.

ඉකුත් 2022 වසරේ නොවැම්බර් මාසයේ දිනක මවක් බවට පත් ව ඇති දැරිවියව තමන් වාකරේ ප්‍රදේශයට රැගෙන ගොස් ඇය සමග අඹු සැමියන් ලෙස ජීවත් වූ බවත්, පසුව 2023 පෙබරවාරි මස 11 වැනිදා සිට නැවත වනාතවිල්ලුව ප්‍රදේශයට පැමිණ කුලී නිවසක ඇය සමග සිටි බව ද සැකකරු පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.