23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පළමු වැන්න ජාතික ආරක්ෂාවයි

මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පළමු වැන්න ජාතික ආරක්ෂාවයි

තම ප්‍රමුඛතා ලැයිස්තුවේ පළමු වැන්න ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස නව ධුරය ලැබීමෙන් අනතුරුව කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් සඳහා ඔහු ඊයේ (29) එක් වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ බව පවසා ඇත්තේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමට කටයුතු කිරීම සිය දෙවන ප්‍රමුඛතාව බවයි.

පොලිසියට සම්බන්ධ වී වසර 25ක පමණ අත්දැකීම් තමාට පවතින බැවින් රටේ ජනතාවගේ යහපත සඳහා ශ්‍රී ලංකා පොලිස් සේවය ඉදිරියට ගෙන යාම සිය අපේක්ෂාව බවත් ඔහු එහිදී අවධාරණය කළේය.