29.5 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරොෂාන්ට අධිකරණය කල් දෙයි

රොෂාන්ට අධිකරණය කල් දෙයි

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පෙත්සමට අදාළ ව විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට කල් ලබා දුන්නා.

පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතිඥවරියක විසින් ගොනුකළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 15 වනදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස අධිකරණය වගඋත්තරකාර රොෂාන් රණසිංහට නියම කළා.

පෙත්සම යළි ජනවාරි මස 03 වනදා කැඳවීමට නියම වුණා.