පොලිස්පති ධුරයෙහි වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් පත් වුණ දේශබන්දු තෙන්නකෝන් සිය රාජකාරී කටයුතු අද දිනයේ දී භාරගත්තා.
අද (30) පෙරවරුවේ දී සුබ මොහොතින් වැඩබලන පොලිස්පතිවරයා සිය ධුරයෙහි රාජකාරී කටයුතු භාර ගැනීම සිදු කළා.
මෙම අවස්ථාව පොලිස් මූලස්ථානයේදී පැවැත්වුණු බවයි වාර්තා වන්නේ. ඊට සර්ව ආගමික වතාවත් මධ්‍යයේ මෙම රාජකාරී කටයුතු භාර ගැනීම සිදු වූ බවත් ඒ සඳහා උසස් පොලිස් නිලධාරීන් රැසක් ද එක් ව සිටි බවත් වාර්තා වනවා.
ඊයේ දහවල් කාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයට උසස් කරනු ලැබුවේ.
ඒ සිව් වරක් ධුර කාලය දීර්ඝ කිරීමකට ලක් ව සිටි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විශ්‍රාම යාමෙන් පසුවයි.