ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දැනට පවතින තාවකාලික සටන් විරාමය සිකුරාදා දක්වා දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අද (30) දිනයේ කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර දී දෙපාර්ශ්වයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවයි මෙම සටන් විරාමය එකඟ වී ඇත්තේ.
ඊයේ (29) හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ජාතිකයින් 10 දෙනෙක්, තායි ජාතිකයින් 04 දෙනෙක් ගාසා තීරයේදී නිදහස් කර තිබූ අතර
ඊට සමාන්තරව ඊශ්‍රායලයේ රඳවාගෙන සිටි පලස්තීන ජාතිකයින් 30 දෙනෙක්ටද ඊයේ නිදහස ලැබී තිබෙනවා.