26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccident30 දෙනෙක් රෝහලට යැවූ බස් රථ අනතුර

30 දෙනෙක් රෝහලට යැවූ බස් රථ අනතුර

පොළොන්නරුව, වැලිකන්ද, මුතුවැල්ල ප්‍රදේශයේදී පෞද්ගලික සහල් මෝලක සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යෑමෙන් අද (30) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරක ලක්ව ඇත්තේ පෞද්ගලික සහල් මෝලක සේවකයන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයකි.

පොලීසිය පැවසුවේ වැලිකන්ද, මුතුවැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන බෑවුමකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

රියදුරුට අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් බස් රථය පෙරළී ඇති අතර වැලිකන්ද පොලීසිය විසින් බස් රථයේ රියදුරු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අනතු‍රෙන් තිස්දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඉන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.