31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

තද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙනු ඇති.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු අඟවා තිබේ.

මෙම අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 9.5 සහ නැගෙනහිර දේශාංශ 86.0 ආසන්න ප්‍රදේශයේ, ත්‍රිකුණාමලයේ සිට කි.මී 550ක පමණ දුරින් පවතින අතර එය හෙට (02) ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අනිද්දා (03) වන විට සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට නියමිතය.

මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 4 වැනිදා උතුරු තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.