― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතු සඳහා සහාය වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට නියෝග කර තිබෙනවා.

තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැලැක්වීමේ ඒකකය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කළේ.

මෙම පැමිණිල්ල කැදවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකාර සචිත්‍ර සේනානායක අධිකරණය හමුවේ පෙනී සිටියා.

ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම සිද්ධියට අදාළව සැකකරුගේ කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍යව තිබෙන අතර දැනුම් දෙනු ලබන අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතුවලට සහාය වන ලෙස සැකකරු වෙත නියෝග කරන ලෙසටයි.

ඒ අනුව දැනුම් දෙනු ලබන අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් විමර්ශන කටයුතුවලට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළා.

අනතුරුව පැමිණිල්ල ලබන මැයි මස 17 වනදා කැඳවන ලෙසටයි දැනුම් දෙනු ලැබුවේ.