26 C
Colombo
Saturday, December 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅල්ලස් ගත් කඳාන පොලිසියේ ස්ථානාධිපති අත්අඩංගුවට

අල්ලස් ගත් කඳාන පොලිසියේ ස්ථානාධිපති අත්අඩංගුවට

කඳාන පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් 75,000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මතයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කඳාන නගරයේ පවත්වාගෙන යනු ලබන අවන්හලක් ගැටලුවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඔහු එහි හිමිකරුගෙන් රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ.

පසුව අවන්හලේ හිමිකරු ඉන් රුපියල් 75,000ක් පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති මාර්ග සංඥා පුවරුව අසළදී ලබාදෙන අවස්ථාවේයි අල්ලස් හෝ දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.