29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsචාමර සම්පත්ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස් කරගනී

චාමර සම්පත්ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස් කරගනී

2018 වසරේදී පාසලට ළමයකු ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමන්ව දණගස්වා හිරිහැර සිදුකළ බවට චෝදනා කරමින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යලයේ විදුහල්පතිනිය විසින් එවක ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා කරගත්තා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය විසින් සමථ මණ්ඩලය හමුවේ ඇති කරගත් සමථයක් අනුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සිදුවුණා.

මෙම පෙත්සම අද (01) විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ අදාළ සිද්ධිය දැනටමත් බදුල්ල සමථ මණ්ඩලයේ දී සමථයකට පත් වී ඇති බවයි.

ඒ අනුව මෙම පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දෙන ලෙස පෙත්සම්කාර විදුහල්පතිනි භවානී රඝුනාදන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනිල් වටගල අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අවසර දුන් අධිකරණය අනතුරුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන්නා.