28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩයනා, රෝහණ හා සුජිත්ට මාසයක් මැතිසබේ තහනම්

ඩයනා, රෝහණ හා සුජිත්ට මාසයක් මැතිසබේ තහනම්

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී කලහාකාරී හැසිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන අයගේ පාර්ලිමේන්තු කටයුතු මසකට අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ වාර්තාවෙන් මෙම නිර්දේශ ඉදිරිපත්කර තිබෙනවා.

මේ අතර එම නිර්දේශයන් ඇතුළත් පළමු වාර්තාව සභාගත කිරීම කමිටු සභාපති චමල් රාජපක්ෂ විසින් අද (30) සිදුකළා.