32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදේවගැති ජෙරම් දෙවැනි දිනටත් CID යට

දේවගැති ජෙරම් දෙවැනි දිනටත් CID යට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) කළ දැනුම්දීමකට අනුවයි.

දේවගැති ජෙරම් ප්‍රනාන්දුගෙන් ඊයේ දිනයේ දී ද පැය 08කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා. බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්ව සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු විදෙස් ගතව සිට පෙරේදා (29) දින දිවයිනට පැමිණියා.

දිවයිනට පැමිණීමෙන් පසු පැය 48ක කාලයක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විමර්ශන අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවට අභියාචනාධීකරණය පසුගියදා ඔහුට නියෝග කර තිබූ අතර එම නියෝගයට අනුවයි ඔහු ඊයේ (30) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉරිරියේ පෙනී සිටියේ.