― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපදමට මත් වී වතුර කියා කළුතෙල් පානය කරලා

පදමට මත් වී වතුර කියා කළුතෙල් පානය කරලා

මධුවිත පානය කර මත් වී වතුර කියා කළුතෙල් පානය කළ පුද්ගලයකු ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම පුද්ගලයා මංගල්‍ය උත්සවයකට සහභාගී වී අධික ලෙස මත්පැන් පානය කර ඇති බවත් පසුව නටමින් සහ ගී කියමින් විනෝද වී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් මොහු මංගල්‍ය උත්සවයට සමු දී තවත් පිරිසකගේ සහායෙන් ඇල්පිටිය ප්‍රදේශයට පැමිණ, මිතුරන් කිහිපදෙනෙකු සමඟ මත්පැන් පානය කර අසිහියෙන් නිවස බලා ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

එලෙස නිවසට ඇතුළු වූ මෙම පුද්ගලයා වතුර යැයි සිතා මුළුතැන්ගෙයි පසෙක තබා තිබූ කළුතෙල් බඳුන ගෙන පානය කර තිබෙනවා. ඉන්පසු මොහු රෝගාතුර වීම හේතුවෙන් ඥාතීන් විසින් මොහු කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව රෝගියාව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.