― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපානදුර භීතියට පත් කළ 'පූස් කොටා' අල්ලයි

පානදුර භීතියට පත් කළ ‘පූස් කොටා’ අල්ලයි

පානදුර නගරයේ සිම්පත් අලෙවි නියෝජිතයෙකුගේ පාදයකට මන්නයකින් පහර දී ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ එකහමාරකට අධික වටිනාකමකින් යුත් සිම්පත්, මුදල් සහ ජංගම දුරකථනය කොල්ලකෑම, බණ්ඩාරගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ATM කුටිය අසලට කඩා වැදී පුද්ගලයකුට මන්නයකින් පහර දී රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් කොල්ලකෑම සහ ගෝනදූව ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවෙකු බියවැද්දීම සිදුකර පලාගොස් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර දකුණ පොලිසිය පැවසුවේ සැකකරුවන් දෙදෙනා පැයක පමණ කාලයක් තුළ මෙම අපරාධයන් සිදුකර ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන දොඩංගොඩ ‘පූස් කොටා’ නැමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලක් සහ ඔහුගේ 18 හැවිරිදි ගෝලයා බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු හිටපු යුධහමුදා සෙබළෙක් වන අතර මොවුන් සන්තකයේ තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අපරාධයන් සිදුකිරීමට යොදාගත් මන්නා පිහි දෙකක්, කොල්ලකන ලද මුදල්, යතුරුපැදියක් සහ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.