― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබෝම්බ බියකින් බැංගලෝරයේ පාසල් 13ක් කැලඹෙයි

බෝම්බ බියකින් බැංගලෝරයේ පාසල් 13ක් කැලඹෙයි

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ බැංගලෝරයේ පාසල් 13ක ළමුන් අද (01) උදෑසන කාලයේ ඉවත් කරගෙන තිබෙනවා.

අදාළ පාසල්වලට විද්‍යුත් තැපෑල ඔස්සේ යොමුකළ පණිවුඩයකින් මෙම බෝම්බ තර්ජන එල්ලකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එම නිර්නාමික විද්‍යුත් තැපැල් පණිවුඩ මඟින් දන්වා ඇත්තේ පාසල් පරිශ්‍ර තුළ පුපුරණ ද්‍රව්‍ය අටවා ඇති බවයි.

බැංගලෝරයේ පිහිටි වයිට්ෆීල්ඩ්, කෝරමංගල, බස්වේෂ්නගර්, යාලහන්ක සහ සදාශිවනගර් ඇතුළු පාසල් කිහිපයකට මෙම තර්ජනාත්මක විද්‍යුත් තැපැල් පණිවුඩ ලැබී ඇති අතර, ඒ හේතුවෙන් බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායම් ද අද උදෑසන කැඳවීමට කටයුතු කර තිබෙනවා.

මෙම තත්ත්වයත් සමඟ ආරක්ෂක පියවරක් ලෙස පාසල් වෙත පැමිණි සිටි සිසුන් සහ ගුරුවරුන් යළි නිවෙස් වෙත පිටත්කර යැවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

අදාළ පාසල් තුළ සෝදිසි මෙහෙයුම් ආරක්ෂක අංශ මඟින් අරඹා ඇති අතර මෙතෙක් කිසිදු පාසලක බෝම්බ තිබී ඇති බවට තහවුරු කර නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.