27.8 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහියංගණයේ සායනික අපද්‍රව්‍ය අනාරක්ෂිතව බැහැර කරලා

මහියංගණයේ සායනික අපද්‍රව්‍ය අනාරක්ෂිතව බැහැර කරලා

රෝගීන්ගේ පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය රුධිර සහ මුත්‍රා සාම්පල් ආදිය ලබා ගැනීමට යොදාගත් සිරින්ජර් ඇතුළු උපකරණ කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව මහියංගණය ගැමුණුපුර මහවැලි ඇල ප්‍රදේශයේ පාලු ස්ථානයකට දමාගොස් ඇතැයි ප්‍රදේශවාසින් චෝදනා කරනවා.

ඊයේ (30) මෙම සායනික අපද්‍රව්‍ය තොගය එම ස්ථානයේ දමා ගොස් තිබෙනු දැක පරීක්ෂාවට ලක් කළ අයෙකු එම අපද්‍රව්‍ය බහාලුම්වල සඳහන් දුරකථන අංකයක් වෙත ඇමතුමක් ලබාදීමේදී හෙළිවී ඇත්තේ එය මහියංගණ නගරයේ පිහිටා ඇති පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයකට අයත් බවටයි.

මෙම අපද්‍රව්‍යවල ඇති සිරින්ජර් කුඩා ළමයින් දුටුවහොත් නිවසට රැගෙන යාම සිදු වන කරුණක් බවත් මේ මගින් ලෙඩ රෝග බෝවිමේ අවදානමක් පවතින බවද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ අදාළ අපද්‍රව්‍ය කොටස් සමාජයට මුදාහැර ඇති බල ප්‍රදේශය අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මේ පිළිබඳ අවධානය යොමුකර සුදුසු පියවරක් ගන්නා ලෙසටයි.