28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජ්‍ය සේවකයන් 8,400කට ස්ථිර පත්වීම්

රාජ්‍ය සේවකයන් 8,400කට ස්ථිර පත්වීම්

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සේවකයන් 8,400ක් ස්ථිර කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ වැඩිම රජයේ සේවකයන් පිරිසක් රාජකාරි කටයුතු කරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ බවත් මෙම අමාත්‍යාංශයේ සේවකයන් 495,000 ක් සේවයේ නිරතව සිටින බවත්ය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙතෙක් ස්ථිර පත්වීම් නොලැබූ අවුරුදු 18 ත් 20 ත් අතර කාලයක් පැරණි සේවකයන් අමාත්‍යාංශයේ සහ එහි ආයතනවල සිටින බවත් ඔවුන් මෙලෙස ස්ථිර කිරීමට නියමිත බවත්ය.