27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංචාරකයින්ගේ පැමිණීම දොළොස්ලක්ෂ හැටදහස පනී

සංචාරකයින්ගේ පැමිණීම දොළොස්ලක්ෂ හැටදහස පනී

නොවැම්බර් මස මුල් දින 27 තුළදී විදෙස් සංචාරකයින් 137,703ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

දත්ත වාර්තා පෙන්වා දෙන්නේ 2023 වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,263,158ක් ලෙසයි.

නොවැම්බර් මාසය තුළදී වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 27,281 ලෙසයි.

මීට අමතරව රුසියාවෙන් 22,382 ක් ජර්මනියෙන් 11,680 ක් එක්සත් රාජධානියෙන් 10,566 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා.