― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසීගිරියේ ඉර සේවය නැරඹීමෙන් දිනකට ඩොලර් 3000ක ආදායමක්

සීගිරියේ ඉර සේවය නැරඹීමෙන් දිනකට ඩොලර් 3000ක ආදායමක්

සීගිරියේ සිට ඉර සේවය නැරඹීමට විදෙස් සංචාරකයින්ට අවස්ථාව ලබාදීමෙන් දිනකට ඇමෙරිකානු ඩොලර් තුන්දහසකට අධික ආදායමක් ලැබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ පැවසීය.

ආගමික කටයුතු සහ සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි ඔහු මේ බව අනාවරණය කළේ.

වසර දෙකකට පෙර ණය බරින් පෙළුණු මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායම අද වන විට සියයට 614කින් වර්ධනය කර ගැනීමට හැකි වී ඇති බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම සීගිරිය ආශ්‍රිතව සංචාරක ආකර්ෂණය ලබාගත හැකි අංශ තවදුරටත් හඳුනාගනිමින් පවතින අතර ඒ සඳහා කොයිකා ආයතනය ඇමරිකානු ඩොලර් මිලියන 8ක ආධාරයක් ලබාදීමට එකඟතාව පළ කර ඇති බවයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.