29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot NewsGmail ගිණුම් මකා දැමීමේ මෙහෙයුම අද සිට

Gmail ගිණුම් මකා දැමීමේ මෙහෙයුම අද සිට

අක්‍රීයව පවතින Gmail ගිණුම් මකා දැමීම අද (01) සිට ආරම්භ කරන බව ගූගල් සමාගම පවසනවා.

ඒ අනුව මිලියන ගණනක් පරිශීලකයින්ගේ ක්‍රියාකාරී නොවන Gmail ගිණුම් මකාදැමීම මෙහිදී සිදුවනු ඇති. ගූගල් සමාගම පවසන ආකාරයට පසුගිය වසර දෙක තුළ භාවිත නොකරන ලද Gmail ගිණුම් සිය දත්ත පද්ධතියෙන් ඉවත් කිරීමට නියමිතයි.

මෙලෙස Gmail ගිණුම් මකා දැමීමට පෙර ඒවායේ හිමිකරුවන්ට දැනුම්දීම් කිහිපයක් යැවීමට නියමිත බවයි වාර්තා වුණේ. ඒ අනුව එලෙස අක්‍රීයව පවතින Gmail ගිණුම් යළි සක්‍රීය කර ගැනීමට ගූගල් සමාගම විසින් කාලයක් ලබාදීමට ද සැලසුම් කර ඇති බවයි එම සමාගම සඳහන් කළේ.

වංචාකරුවන්ගෙන් පරිශීලකයින්ගේ තොරතුරු ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙලෙස අක්‍රීයව පවතින Gmail ගිණුම් මකා දැමීමේ තීරණය ගූගල් සමාගම ගෙන තිබෙනවා.