― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsගුරු වැටුප් විෂමතාවය විසඳන්න මුදල් නැහැ - සුසිල්

ගුරු වැටුප් විෂමතාවය විසඳන්න මුදල් නැහැ – සුසිල්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මූලික අවශ්‍යතා සඳහා මුදල් වෙන් කළ පසු ගුරු වැටුප් විෂමතාවය විසඳීමට තරම් මුදල් ප්‍රමාණවත් නොවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (04) පෙරවරුවේ පාසල් සිසු සිසුවියන්ට නොමිලේ පාවහන් තිළිණපත් ලබාදීමේ නිල උත්සවයට එක්වෙමිනි.

ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට විෂය නිර්දේශය උගන්වා අවසන් කළ යුතු බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

දෙසැම්බර් 22 නිවාඩු දුන්නහම පාසල් පටන් ගන්නේ පෙබරවාරි 2 වෙනදා. තුන්වෙනි වාරයේ තව සති දෙකක් ගිහින් 16 ආපහු නිවාඩු දීලා 19 පටන් ගන්නවා අලුත් පාසල් වාරය. ගිය අවුරුද්දේ අලුත් පාසල් වාරය පටන් ගත්තේ අප්‍රේල් මාසයේ. අපි තව ඉස්සරහට ගෙනාවා. හැබැයි ලබන දෙසැම්බර් මාසය වනවිට විෂය නිර්දේශ සියල්ල ආවරණය වෙන්න. විභාග පොඩ්ඩක් කල්ගියාට අනිත් ඒවා පුළුවන් තරම් ඉස්සරහට ගන්නවා. ඒක කොවිඩ් -19 විවිධ හේතු නිසා කල්ගිය ඒවා. අපි යාවත්කාලීන කරගෙන යනවා. දරුවන්ගේ අධ්‍යාපනය වැදගත් නිසා කොච්චර අභියෝග තිබුණත් ලබන අවුරුද්දේ පෙළ පොත්වලට 1,020,000ක් වෙන් කරලා තියෙනවා. නිල ඇඳුම්වලට මිලියන 6,500ක් වෙන් කළා. පාවහන්වලට මිලියන 2,200ක්, දිවා ආහාරයට 16,000ක් මේවා අත්‍යාවශය කරුණු. හැමෝටම රු 10,000ක දීමනාවකුත් හම්බ වෙනවා. ගුරු වැටුප් විෂමතාවය ගැනත් සාකච්ඡා කරනවා. රු 10,000 ඔක්කෝටම ලැබෙනවා. අරක වෙනස්.