27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකඩුවකින් කොටා සැමියා ඝාතනය කළ කතක් අත්අඩංගුවට

කඩුවකින් කොටා සැමියා ඝාතනය කළ කතක් අත්අඩංගුවට

කඩුවකින් කොටා තම ස්වාමිපුරුෂයා ඝාතනය කළ කාන්තාවක් වැල්ලව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (03) පස්වරු පහට පමණ මෙම ඝාතනය සිදුව ඇති අතර මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තල්විට, බලගහගම ප්‍රදේශයේ පදිංචි සුරංග ප්‍රදීප් කුමාර නැමැති වයස අවුරුදු 38ක පුද්ගලයෙක් බවයි පොලීසිය පවසන්නේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාර බිරිඳ කුරුණෑගල ශීක්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකවරියක් ලෙස සේවය කරන තැනැත්තියක් බවයි වාර්තා වුණේ.

මෙම අඹුසැමි යුවළ අතර ඊයේ (03) සවස ඔවුන්ගේ නිවසේදී ආරවුලක් ඇතිව ඇති අතර එම අවස්ථාවේ දී බිරිඳ විසින් ස්වාමි පුරුෂයාට කඩුවකින් පහර දී තිබෙනවා.

බෙල්ලට සහ වම් කකුලට කඩු පහර වැදීමෙන් බරපතළ තත්ත්වයේ සිටි ඔහු දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවීමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවූ එම පුද්ගලයා එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.