― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsකැලණිය විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසෙයි

කැලණිය විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසෙයි

කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලය අද (04) පස්වරු 2 සිට නැවත දැනුම්දෙනතුරු වසා දමන බවයි උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ඒ අනුව අදාළ නිවේදනයෙන් සියලුම සිසුන් වෙත දැනුම්දෙනු ලබන්නේ හෙට (05) උදෑසන 5ට පෙර සියලුම නේවාසික සිසුන් සිය නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවය.

කැලණිය විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකු විවේකාගාරයේ නිදා සිටියදී පැහැරගෙන ගොස් රඳවාගෙන පහර දී ඔහුව ශිෂ්‍ය මධ්‍යස්ථානයට ප්‍රවේශ වන ගේට්ටුවේ ගැටගසා තිබීමේ සිදුවීමට අදාළව විනයානුකූලව පියවර ගෙන අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යයන් අතර නැවත සාමය ඇතිකිරීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.

නැවත දැනුම් දෙනතුරු කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය ඇතුළු විශ්ව විද්‍යාලයට අයත් පරිශ්‍රයන් වෙත සහ විශ්ව විද්‍යාලයට අයත් සියලුම අභ්‍යන්තර සහ භාහිර නේවාසිකාගාර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තහනම් කර ඇත.