30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුවේටයෙන් පිටුවහල් කළ 35ක් යළි දිවයිනට

කුවේටයෙන් පිටුවහල් කළ 35ක් යළි දිවයිනට

නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ දිගු කලක් රැඳී සිටි ගෘහ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙක් නැවත මෙරටට පිටුවහල් කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම පිරිස අද (04) උදෑසන 06.35 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි.

මොවුන් 35 දෙනා කුවේට් රාජ්‍යයේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

මෙලෙස පිටුවහල් කළ 35 දෙනා අතරට එක් පිරිමි ගෘහ සේවකයෙකු සහ ගෘහ සේවිකාවන් 34 දෙනෙකු ඇතුළත්.

අධිකරණ අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම සේවකයින්ට එරෙහිව පැවති නඩු සමථයකට පත් කර ඇති අතර ඔවුන්ට තාවකාලික ගමන් බලපත්‍ර සකස් කර, ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දී සහ හිඟ වැටුප් ගෙවා මෙරටට රැගෙන එනු ලැබීය.