― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsතම දියණියගේ නිරුවත් සේයා රූ ඉල්ලූ සැමියා ඝාතනය කරලා

තම දියණියගේ නිරුවත් සේයා රූ ඉල්ලූ සැමියා ඝාතනය කරලා

කුරුණෑගල, වැල්ලව ප්‍රදේශයේ දී ඊයේ (03) පස්වරුවේ බිරිඳ විසින් කඩුවකින් පහර දී සැමියා ඝාතනය කළ සිද්ධියේ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

අන්තර්ජාලයට එක්කර මුදල් සෙවීමේ අරමුණින් සිය 14 හැවිරිදි දියණියගේ නිරුවත් ඡායාරූපයක් ලබාදෙන ලෙස බිරිඳ කළ ඉල්ලීමකට අනුව අඹුසැමියන් අතර ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැමියාගේ විසින් මීට පෙර ද මෙම ඉල්ලීම සිදුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් බිරිඳ සහ ඔහු අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිව තිබෙනවා.

ඊයේ (03) පස්වරුවේ ද මේ සම්බන්ධයෙන් දෙදෙනා අතර ආරවුලක් හටගෙන ඇති අතර එහිදී ස්වාමීයා විසින් බිරිඳට පොල්ලකින් සහ දම්වැලකින් පහර දී ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී නිවස තුළ සිටි 14 හැවිරිදි දියණිය සහ 09 හැවිරිදි පුත්‍රයා නිවසින් එළියට දමා දොර වසා ඇති බිරිඳ සැමියාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පසුව ඇය විසින් නිවසේ තිබූ කඩුවකින් සැමියාගේ බෙල්ල ප්‍රදේශයට සහ කකුලකට පහර දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම කඩු පහරින් සැමියා නිවස තුළම මියගොස් ඇති බවයි පසුව අනාවරණය වුණේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඝාතනයට ලක්වූ 38 හැවිරිදි පුද්ගලයාගේ බිරිඳ වැල්ලව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර බිරිඳ අද (04) දිනයේදී කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.