අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් වසා දමා තිබූ නව කැළණි පාලම අද (04) පෙරවරු 6 සිට නැවත විවෘත කෙරුණා.
කෙසේනමුත් පොලීසිය විසින් දෙවන සහ තෙවන අදියර යටතේ පාලම වසා දැමීමේ දිනයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
දෙවැනි අදියරට අනුව දෙසැම්බර් 8 වැනිදා රාත්‍රී 9 සිට දෙසැම්බර් 11 වැනිදා පෙරවරු 6 දක්වා පාලම නැවත වසා තැබෙනු ඇති.
තුන්වන අදියර යටතේ නව කැලණි පාලම දෙසැම්බර් 15 වැනිදා රාත්‍රී 9 සිට දෙසැම්බර් 18 වැනිදා උදේ 6 දක්වා වසා තැබේ.
පාලම වසා දමන දිනවලදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ.